Diploma in Psychology and Counselling

උපදේශනය සහ එහි කාලීන වැදගත්කම

ජීවිතය සැමවිටම පහසු නොවේ.නමුත් යම් මඟපෙන්වීමකින් ඔබට එම අපහසුතා මගහරවාගැනීමට ඉගෙනගත හැක. ජීවිතය තුළ අපට හමුවන දුෂ්කරතා නොවැළැක්විය හැකි අතර කාලය රළු වන විට අප සැමට යම් සහනයක් අවශ්‍යය වේ. වෙනත් ආකාරයකට කිවහොත් අඳුරු කාලයකට ආලෝකය ලබා දීමට මඟ පෙන්වීමක් අවශ්‍ය වනු ඇත .
ඇතැම් විටෙක මිනිස් ජීවිතය සුඛ නම්‍ය විය හැකිවාක් මෙන් ම ඇතැම් විට දුක්ඛිත ප්‍රශ්නකාරී එකක්ද විය හැක .දුක්ඛිත ප්‍රශ්නකාරී තත්ත්වයක් වලදී දැඩි පීඩාකාරී මානසික තත්වයන්ට මුහුණ දීමට සිදුවේ .මිනිසාට සතුට සැඟවිය නොහැකි වන්නාසේම දුක ද සැඟවිය නොහැක.ජීවිතය පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු හා අභියෝග හමුවේ ඒවාට මුහුණ දීමට ඔරොත්තු දීමට ඇති නොහැකියාව මත ආත්ම ඝාතන වෙත යොමුවන චරිත පිළිබඳව අප කොතෙකුත් අසා ඇද්ද? ඒ තුළ ඇති අයහපත් චිත්ත වේගයන් වලට සහ පීඩාකාරී ආවේගයන් වාචිකව පිට කිරීමේ නොහැකියාව ,ඒ සඳහා ඉඩක් නොලැබීම ,චිත්ත වේගයන් වලට මැදි වූ අවස්ථාවලදී තම ගැටළුව ප්‍රකාශ කිරීමට සහ විශ්වාසවන්තව තම හැඟීම් තේරුම් ගත හැකි පුද්ගලයකු හමු නොවීම යන කරුණු පුද්ගලයා තව තවත් මානසිකව පීඩාවකට පත්කරයි.

counsel meaning

අනාගතයේදී මෙම උපදේශන සේවාව කිසිදු වෙනසකින් තොරව සමාජයේ සෑම තරාතිරමක අයෙකුටම අවශ්‍ය වනු ඇත. අනාගතයේ ඇතිවිය හැකි භයානක තත්ත්වයන්, අවස්ථාවන් මගහරවා ගැනීමට හෝ අවම කර ගැනීමට මහෝපකාරී විය හැක. සෑම ක්ෂේත්‍රයකම අයෙකුට මනෝ උපදේශන අවශ්‍යතාව පැන නැගිය හැක. සාමාන්‍ය ජන ජීවිතයේ ඕනෑම අවස්ථාවක උපදේශනය අවශ්‍ය විය හැක .එබැවින් උපදේශනය වර්තමාන සමාජීය අවශ්‍යතාවක් ලෙස හැඳින්වීම වඩාත් කාලෝචිත වනු ඇත.
උපදේශනය යනු ,අවවාද කිරීමක් නොවේ .විනිශ්චයකට පැමිණීමක්ද නොවේ .උපදේශනය යනු යහපත උදෙසා වෙනසක් ඇති කිරීමයි. මෙහිදී උපදේශනය එක්තරා අන්‍යෝන්‍ය සබඳතාවක් වන අතර ද්පාර්ශික ක්‍රියාවලියකි. විසඳුම් අතරින් හොඳම විසඳුම තෝරා ගැනීමටත් නිවැරදි තීරණ ගැනීමටත් ජීවිතයේ සතුට ඇතිකර ගැනීම සඳහා ජීවන අවශ්‍යතා වලට අනුගත වීම උදෙසා ආත්ම ශක්තිය ,ආත්ම සම්මානය වර්ධනය කිරීමකි.
මනෝ උපදේශනය යනු, විද්‍යාත්මක ක්‍රියාවලියකි. මේ කර්තව්‍යයේදී පුහුණු උපදේශකවරයෙකුත් උපදේශනය දීමට අදාළ පුද්ගලයා හෝ පුද්ගල සමූහයකුත් සිටිය යුතුයි. සංවර්ධිත රටවල ඉතා දියුණු සහ පුළුල් ලෙස ව්‍යාප්තව පවතින ස්වාධීන වෘත්තීයක් වන උපදේශන සේවාව සංවර්ධනය වෙමින් පවතින රටවල ද සීඝයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙක් වන කාල් රොජර්ස් දක්වන ලෙසට අප සෑම පුද්ගලයෙක් තුළම හොඳ තීරණ ගැනීමට හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හැකියාව තිබෙන අතර උපදේශකවරයාගේ කාර්යභාරය වනුයේ සුරක්ෂිත හා සහයෝගී ඉඩ ප්‍රස්තාවක් සේවාලාභියා වෙත ලබාදීමයි.

what is counselling

එසේ ම සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ගමන් මග පාලනය කිරීම සඳහාත් ස්වාධීන අදහස් දැරීම සඳහාත් අයිතියක් ඇති බැවින් උපදේශනයේ දී සේවාලාභියා පදනම් කරගත් උපදේශන සේවා සැපයිය යුතුයි .තම ජීවන ගැටලු ජය ගැනීමට මනෝවිද්‍යාත්මක මගපෙන්වනු ලබන උපදේශන සේවාව තුලින් පුද්ගලයා අර්ථවත් ආත්ම ගවේෂණයක් සඳහා යොමු කරයි.
විවිධ ගැටලු වලට මුහුණපා සිටින පුද්ගලයන්ට එම ගැටලුව පාලනය කර ගැනීමට හෝ හසුරවා ගැනීමට නොහැකි වූ විටදී එසේත් නොමැති නම් එම ගැටලුව නිරාකරණයකර ගැනීමට අවශ්‍යය දනුම නොමැති විටදී පුහුණු කුසලතා පූර්ණ උපදේශක වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.
තෘප්තිමත් ජීවිතයක් ,අර්බුධ අවම කර ගැනීමක් තුළින් පවුලේ ,සමාජීය ජීවිතය සංවර්ධනය කර ගැනීම අපේක්ෂා කළ හැක. සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන කල උපදේශනය පුද්ගල, පෞරුෂය සහ ප්‍රජා සංවර්ධනයට උපකාරී වන සේවාවකි. ගැටලුවලට මුහුණ දීමේ කුසලතාවය, අන්තර් පුද්ගල සබඳතා හා පුද්ගල චර්යාව වර්ධනය කිරීම ආදී අරමුණු රැසක් ඉටුවේ. උපදේශකවරයා හා සේවා ලාභියා අතර ඇතිවන ප්‍රතිකාරාත්මක වෘත්තීය සම්බන්ධතාවය ගතික මෙන්ම බලගතු අරමුණු සහිත සම්බන්ධයක් ලෙස හැඳින්විය හැක.
උපදේශන සේවාවේදී උපදේශකවරයාගේ කාර්යභාරය සුළු පටු නොවනු ඇත .ඔහුට යම් ගැටළුවක් දෙස විචක්ෂණශීලී ඇසින් බැලීමේ හැකියාව තිබිය යුතුයි. සාමාන්‍ය පුද්ගලයෙකු හා උපදේශකවරයෙකු ගැටලුවක් දෙස බලන ආකාරයේ කැපී පෙනෙන වෙනසක් ඇත.උපදේශකවරයාගේ කාර්යභාරය නිසියාකාරයෙන් ඉටුකිරීමට නම් පුහුණුව මගින් ප්‍රගුණ කළ හැකි හා කළ යුතු කුසලතා රාශියක් පවතී. ඒවා උපදේශන කුසලතා යනුවෙන් හඳුන්වයි .සහකම්පනය දැක්වීම ,සවන් දීම, ප්‍රශ්න කිරීම, ශරීර භාෂාව, නිරීක්ෂණය, පදානුගතය ,එදිරි සංවාදය, සාරාංශකරණය ඒ අතර වේ. එමතුනොව අන් අයගේ මානසික වේදනා හඳුනා ගැනීම හා අවබෝධය, ආත්ම විශ්වාසය ,සාර්ථක ප්‍රතිකාරාත්මක සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව ,සේවාලාභීන් අපහසුතාවයට පත් නොකරමින් තොරතුරු විමසීම, නිවැරදි රෝග විනිශ්චය ආදි හැකියාවන් ප්‍රමුඛ වේ. ගුණාත්මක උපදේශන සේවාවක් සඳහා උපදේශකවරයාගේ දායකත්වය අතිශය වැදගත් වනු ඇත. ‍අන් මත වලට සවන්දීම , කාරුණික හා මෘදු ගති පැවතීම, සමානාත්මතාවය, සෘජු ගති ,මිත්‍රශීලී බව ,ඉවසීම ,මනා චරිතයකින් යුතුවීම ,ප්‍රසන්න භාවයෙන් යුක්ත වීම, අන්තර් පුද්ගල සබඳතා දියුණු කර ගැනීම, කැපවීම, සුභවාදී ආකල්ප පැවතීම වැනි පෞරුෂ ගුණාංග උපදේශකවරයා සතුවිය යුතුයි.වඩාත් ප්‍රශංසනීය උපදේශන සේවාවක් ලබාදීම උදෙසා මනෝවිද්‍යාත්මක දැනුම ,උපදේශන කුසලතා හා පෞරුෂ ගුණාංග වර්ධනය කර ගැනීම වැදගත් බව මෙහිලා සඳහන් කළ යුතුමය.

ඔබ උපදේශනය (Counselling) පිලිබඳ උනන්දුවක් දක්වන්නේනුම් SDTI Campus ඔබ වෙනුවෙන්ම සැකසු පහත සදහන් Psychological Counselling ඩිප්ලෝමා පාඨමාලාව ඔබ සදහමයි.
විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ නිමකල සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරියන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලුම අය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති පාඨමාලාවකි.

දේශන ක්‍රමය – 100% Online
පාඨමාලා කාලය – මාස 12
Total Credits – 40
මාධ්‍යය : සිංහල

ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ SDFL ආයතනය මගින් පිරිනමන වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේදි ලබා ගත හැක.
SDTI සරසවිය ශ්‍රී ලංකාව තුල ඩිප්ලෝමා උපාධි පිලිගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ඇති අතර UGC Recongnized උපාධි පිරිනමයි.

දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට අර්ධ කාලීන (Part Time) ලෙස සිදුකරගත හැක.

Diploma in Psychology and Counselling

072 928 3616
070 345 8393
076 550 5770

සම්බන්ද වන්න

නිපුණත්වයෙන් පිරී අහසක රිසිසේ සැරිසරන්න.
ඔබත් එන්න……

SDTI Campus
ඔබේ සීමාව අහසයි…