දෙගුරුන් දහසක් බලාපොරොත්තු මැද සිප්සලකට බාර කෙරෙන කුඩා දරුවෙකු අයනු ආයනු කියන තැන පටන් රකියාවකට යන මොහොත දක්වා යන ගමනේ සුවිශේෂී ස්ථානයක් ගුරුවරයෙකුට හිමිවේ. එහෙත් සෑම ගුරුවරයෙක්ම ගුරු තරුවක් ද?
ගුරුවරුන් අතර ඇතැම් ගුරුවරු උගන්වන විෂය කරුණු මනා සේ අවබෝධ කරගත හැකි වුවද ඇතැම් ගුරුවරුන් අවබෝධ වන අයුරින් ඉගැන්වීමට අපොහොසත් වෙති. බොහෝ විට මෙයට බලපාන ප්‍රධානම කාරණය ඔවුන් ගුරුවරුන් ලෙස පුහුණුවීමේදී පුහුණුකරුවන්ගෙන් සිදු වූ යම් යම් අඩුපාඩු විය හැකි වේ.
සමහර අවස්ථා වලදී ගුරුවරුන් දක්ෂ ලෙස විෂය කරුණු ඉගැන්වීමට අපොහොසත් වීම මඟින් සිසුන්ට අදාළ විෂයම එපා වන අවස්ථා සුලබව දක්නට ඇත. විශේෂයෙන් ගණිතය, ඉංග්‍රීසි, දෙමළ සහ විද්‍යාව වැනි විෂයන් මේ අතර ඇත.
සරලව පැහැදිලිව ඕනෑම අසීරු විෂය කරුණක් ඉගැන්වීමට ගුරුවරයාට මනා පුහුණුවක් තිබීම අත්‍යාවශ්‍ය වන අතර සිත් ගන්නා සුළු ලෙස උගන්වමින් මුල සිට අග දක්වාම සිසුන්ගේ අවධානය එක ලෙස තබා ගැනීමට ගුරුවරුන් හට මනා ගුරු පුහුණුවක් වැදගත් වේ.
පෙළ පොතෙහි සඳහන් විෂය කරුණු කෙසේ හෝ සිසුන්ට පවසා අභ්‍යාස ලබා දීමෙන් පමණක් ගුරුවරයෙකුගේ වගකීම කෙළවර වන්නේ නැත. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ප්‍රාථමික අංශ ගුරුවරයෙකු සිසුන්ට අධ්‍යාපනයේ මුල් අඩිතාලම සවිමත් ලෙස දැමිය යුතු වේ. මේ සඳහා ගුරුවරුන් මනා සේ පුහුණුව සිටීම වැදගත් නොවේද?
ලොව පිළිගත් ගුරුවරයෙක් ලෙස එතෙර හෝ මෙතෙර සිසුන්ට මඟ පෙන්වීමට අවශ්‍ය පුහුණුව ලබාගන්නේ කොහෙන්ද?
ගුරුවරයෙකු වීමට සිහින දකින ඔබට SDTI Campus හඳුන්වා දෙන Diploma in Teaching මඟින් මනා පුහුණුව ලත් ගුරුවරයෙකු වීමට දැන් අවස්ථාව ලැබී ඇත.
ලෙස කාණ්ඩ හතරක් යටතේ මෙම ඩිප්ලෝමාව ඔබට ආරම්භ කිරීමේ හැකියාව ඇති අතර ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගැනීම සහිත අධ්‍යාපනවේදි ගෞරව උපාධිය වසර දෙකකින් නිම කීරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
SDTI Campus මඟින් පවත්වන මෙම ඩිප්ලෝමා මාලාවේ විශේෂත්වය නම් ඔබට වෙන කිසිඳු ආයතනයක ලබා නොදෙන විශිෂ්ට පුහුණුවක් ලබා දීමෙන් පසු දක්ෂ ගුරුවරයෙකුට ලෙස මෙරට හෝ විදේශගතව සේවය කිරීමට රැකියා අවස්ථා ලබා දීම වේ.
අද වන විට නොයෙකුත් ආයතන වල විශාල මුදලක් සහ කාලයක් වැය කර ලබා ගත් ඩිප්ලෝමාවෙන් රැකියාවකට යෑමට නොහැකිව රටේ තරුණ පිරිස කීදෙනෙක් නම් කනස්සල්ලෙන් නිවෙස්වලට වී සිටිනවාද? ඔබ යාමට ගිය මඟ අසම්පූර්ණව මඟින් අතහැර දැමීමට අප ඔබටවත් ඉඩ නොතබා ඔබේ සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථාවක්ද ලබා දීමට කටයුතු කරන බව ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
ඔබේ සිහිනය විදේශගතව සේවය කිරීමට නම් රැල්ලට විදෙස්ගත නොවී SDTI Campus මඟින් ලබාගන්නා ඩිප්ලෝමාවෙන් සුදුසුකම් ලබා නිවැරැදි ලෙස විදේශගත වීමට ඔබට මෙය හොඳම අවස්ථාව විය හැකිය.
පාසලෙන්ම ගුරු විද්‍යාලයට පිවිස ගුරුවරයෙක් වීමට ඔබ දුටු සිහිනය බොඳ වූවායි පසු නොතැවී ඒ හා සමානවම සුදුසුකම් සහිත දක්ෂ ගුරු තරුවක් වීමට අදම SDTI Campus අමතා ඔබේ ඩිප්ලෝමාව පිළිබඳ දැනගන්න.
මෙම Link එකට පිවිසී නොමිලේ Regsiter වෙන්න …
https://sdticampus.lk/course-selection/